Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

අපි දෙන්න ඉන්න තත්වයට එන්න
නිමන්තිගෙන් බොහොම උදවු ලැබුණා


නිමන්තිගේ උපන්දිනයට ප්‍රභාත්ගෙන් තෑග්ගක්


“පුතා ලැබුණාට පස්සේ ටික කාලයක් මා රඟපෑමෙන් ඉවත් වෙලා සිටියා. දුවත් ලැබුණාට පස්සේ මා ටිකෙන් ටික රඟපෑමට පැමිණියා. මේ වනවිට නම් වේදිකා නාට්‍යවල රඟපෑම සම්පූර්ණයෙන් ම අත හැර දමලයි තිබෙන්නේ. ඒ වගේ ම අපේ නිෂ්පාදන කටයුතු සිදුවන නිර්මාණවල පමණක් රඟපානවා යන තීරණයේයි මේ වනවිට මා සිටින්නේ. මොකද මගේ පවුලටයි මා මුල්තැන දෙන්නේ. රඟපෑම් කටයුතුත් එක්ක පොඩි දෙන්නාගේ කටයුතු කරගෙන යෑම බොහෝ අපහසුයි. ඒ නිසා මා අපේ නිර්මාණවලට දායක වුණත් මට පහසු දිනවලදියි රඟපෑම් කටයුතුවලට දායක වන්නේ.”
දියවන්නා ඔයේ දිය රැලි දඟ කරමින් ගලාගෙන ගියේ තාලයකට. ඒ දියරැලිවල හැපුණු මදනල සෙමෙන් සෙමෙන් හමාගෙන ගියේ පිට කෝට්ටේට. ඒත් එක්කම අඳුර ගලාගෙන ආවා. ඒ නිමන්ති පෝරගේගේ - ප්‍රභාත් රෝෂන්ගේ සොඳුරු කැදැල්ලට. එදා (පසුගිය 10දා) නිමන්තිගේ ජීවිතයට උදාවුණේ අපූරු දවසක්. ප්‍රභාත් බලාගෙන සිටියේ මේ රාත්‍රිය උදාවනතුරු. ඔහුට උවමනා වුණේ සිය ආදරබර බිරින්දෑව පුදුමයට පත් කිරීමට. ඔවුන් දෙදෙනාගේ දියණිය සංසා ස්නේහාත්, පුතා මෞලි මතීෂත් ප්‍රභාත්ගේ පුදුම කිරීමට සහභාගි වුණේ බොහොම කැමැත්තෙන්. නිහැඬියාවකින් ගෙවෙන ඒ තත්පර කිහිපයේ ඔවුන් තිදෙනා ම බලාගෙන සිටියේ නිමන්ති සාලයට පිවිසෙනතුරු. ඔන්න නිමන්ති සාලයට පිවිසුණේ ඒත් එක්කම. කිසිම ශබ්දයක් නැතිව ඉන්න සැමියත්, දරුවන් දෙන්නත් අසල තිබුණු පාර්සලයට නිමන්තිගේ දෙනෙත යොමුවුණේ ඉබේට ම. ඈ ඒ පාර්සලය අසලට ළංවුණේ

“මේ මොකක්ද?”

කියලා මුමුනන ගමන් ම. රිබන් එකක් ගැට ගහලා තිබුණු මේ පාර්සලය අතට ගත් නිමන්ති එය විවෘත කළේ බොහොම පරිස්සමෙන්.

“ඇපල් ෆෝන් එකක්......”

ඇගේ උවනේ මතුවුණේ විමතියක්.

“අම්මේ, ඔයාගේ උපන්දිනයට තාත්තාගෙන් තෑග්ගක්.”

මතීෂ පුතා පැවසුවේ තවමත් විමතියෙන් ඉන්න නිමන්තිගේ සිත සැනසීමට සිතාගෙන.

“ඕ....... ඕ....... ඕ.......”

නිමන්ති, ප්‍රභාත් දෙස බැලුවේ ආදරබර දෙනෙත් ඔහු දෙසට යොමු කරමින්.

ඒ සමඟ ම මේ තුන්දෙනා නිමන්තිව බදා ගත්තේ ඈට ඔවුන්ගේ ආදරය කොතරම්ද කියලා පෙන්වීමට වගේ.

“ඒ තෑග්ග ගැන මට හිතාගන්නවත් බැහැ. ඔවුන් මාව පුදුමයට පත්කළා.”

නිමන්ති - ප්‍රභාත්ගේ කැදැල්ලට පිවිසුණු පසුගිය දිනෙක නිමන්ති අප හා පැවසුවේ ඉහවහා ගිය සතුට ඉතිරෙන උවන අප දෙසට පාන ගමන්.

“සතුටත් සමඟ ම දුකක් ඔබගේ සිතට පිවිසුණේ ඇයි?”

ඒ ඇසිල්ලේ ම ඇගේ දෙනෙතේ නැඟුණු ශෝකී බව මාව පුදුමයට පත් කළා.

“මගේ උපන්දිනයට මෙවර අපි කිසිම උත්සවයක් ගත්තේ නැහැ. මොකද ප්‍රභාත්ගේ අම්මා අපව අතැරලා ගිහින් වැඩි කාලයක් ගතවුණේ නැති නිසයි. කොහොමත් උපන්දිනයක් ලබනවා කියන්නේ අපි සතුටු වෙන්න ඕන කාරණයක් නොවෙයි. දුක් වෙන්න වුවමනා කාරණයක්. ඒ කියන්නේ අපි අවුරුද්දකින් වයසට යනවා කියලා මතක්කර දීමක්. මම කොහොමත් උපන්දිනයට ඔය බොරු වැඩ කරන්නේ නැහැ. හැමදාම වගේ මෙවරත් මගේ උපන්දිනයට මම, ප්‍රභාත් එක්ක පන්සලට දානයක් දුන්නා.”

බොහොම චාම් ජීවිතයක් ගෙවීමට කැමැති නිමන්ති තමන්ගේ පවුලේ අයටත් ඒ පුරුදු පුරුද්දක් කර ගැන්මට ශක්තියක් වීමට පසුබට වුණේ නැහැ. ඒ නිසා ම කලා කටයුතු අතර තිබෙන කාර්යබහුල බව අතර නිවෙසේ කටයුතු කරෙන්නේ ඈ අතින්මයි.

“නිතර ම ඔබ මුල්තැන දෙන්නේ පවුලේ කටයුතුවලටද?”

“පුතා ලැබුණාට පස්සේ ටික කාලයක් මා රඟපෑමෙන් ඉවත් වෙලා සිටියා. දුවත් ලැබුණාට පස්සේ මා ටිකෙන් ටික රඟපෑමට පැමිණියා. මේ වනවිට නම් වේදිකා නාට්‍යවල රඟපෑම සම්පූර්ණයෙන් ම අත හැර දමලයි තිබෙන්නේ. ඒ වගේ ම අපේ නිෂ්පාදන කටයුතු සිදුවන නිර්මාණවල පමණක් රඟපානවා යන තීරණයේයි මේ වනවිට මා සිටින්නේ. මොකද මගේ පවුලටයි මා මුල්තැන දෙන්නේ. රඟපෑම් කටයුතුත් එක්ක පොඩි දෙන්නාගේ කටයුතු කරගෙන යෑම බොහෝ අපහසුයි. ඒ නිසා මා අපේ නිර්මාණවලට දායක වුණත් මට පහසු දිනවලදියි රඟපෑම් කටයුතුවලට දායක වන්නේ.”

නිමන්ති එලෙස සිදු කරන්නේ සිය දියණිය හා පුතාගේ කටයුතුවලට මුල්තැන ලබාදීම නිසයි. එමෙන්ම නිවෙසේ කටයුතුත්, ප්‍රභාත්ගේ නිෂ්පාදන ආයතනයේ කටයුතුවලටත් ඇගෙන් ලැබෙන සහයෝගය අපමණයි.

“නිමන්තිගෙන් ලැබෙන සහයෝගයද ඔබව මේ තරම් දිරිමත් කරන්නේ?”

නිමන්ති අසල සිටින ප්‍රභාත්ගෙන් ඔවුන්ගේ දියුණුවේ රහස මා විමසූ අවස්ථාවේ ඔහු පැවසුවේ මෙවැනි කතාවක්.

“ඇත්තට ම අද අප දෙදෙනා අද සිටින තත්ත්වයට පැමිණෙන්නට මට නිමන්තිගෙන් බොහොම උදවු ලැබුණා. මම අපේ ආයතනයේ කටයුතු සොයලා බලද්දි නිමන්ති නිවෙසේ කටයුතුත්, දරුවන්ගේ කටයුතුත් කරට අරගෙන කරනවා. ඒ නිසයි මට ආයතනයේ කටයුතු නිදහසේ කරගෙන යෑමට අවස්ථාව ලැබෙන්නේ. ඒ අතර ඈ ආයතනයේ කටයුතුවලටත් මට උදවු වෙනවා. ඒ නිසා මගේ සාර්ථකත්වය පසුපස සිටින යෝධ සෙවණැල්ල වන්නේ ඇයයි.”

නිමන්තිත්, ප්‍රභාත් කලා ක්ෂේත්‍රයේ කාර්යබහුල චරිත බවට පත්වෙලා. ප්‍රභාත් නිෂ්පාදකවරයකු වගේ ම කැමරා අධ්‍යක්ෂවරයෙක්. නිමන්තිත් නිවෙසේ කටයුතු, ආයතනයේ කටයුතුවලට අමතරව රඟපෑම් කටයුතුවල නියැළෙනවා.

“මේ දවස්වල ඔබගේ රඟපෑම් ටෙලි නාට්‍ය කිහිපයකින් ම දැක ගත හැකියි”

“මා රඟපෑ ‘මිල්ලෑව වලව්ව’ ටෙලි නාට්‍යය මේ දවස්වල විකාශය වන ටෙලි නාට්‍යවලට වඩා වෙනස් ආරකිනුයි විකාශය වන්නේ. ඒකාකාරී ටෙලි නාට්‍ය රැල්ල අතරේ හෙම්බත් වුණු නරඹන්නන්ට මිල්ලෑව වලව්ව වෙනස්ම අත්දැකීමක් ගෙනෙන නිසා බොහෝදෙනා ඒ වටා රොක් වෙලා. ඒ නිසා දෝ ලැබෙන ප්‍රතිචාරත් බොහොම හොඳයි. මේ ටෙලි නාට්‍යයේ මා රඟපාන්නේ නාලනී මැණිකේ නම් ආබාධිත කාන්තාවකගේ චරිතයයි. ඈ දැඩි මානසික හා ශාරීරික පීඩනයකට හසුවුණු, කිසිවක් කියාගත නොහැකිව අසරණ වුණු චරිතයක්. කාලයකට පසුව බොහොම කැමැත්තෙන් මා රඟපෑ චරිතයක්. ඊට අමතරව අපේ නිෂ්පාදනයක් වුණු ‘හඳයා’ ටෙලි නාට්‍යයේත් මා චරිතයක් රඟපානවා.”

‘හඳයා’ ටෙලි නාට්‍යයේ නිමන්තිගේ පුතු මතීෂ චරිතයකට පණ පොවනවා. ඒ වගේ ම මතීෂ කුඩා පුතු පසුගිය දිනවල තිරගත වූ ‘ආලෝකෝ උදපාදි’ චිත්‍රපටයේ වලගම්බා රජුගේ පුතුගේ චරිතයටත් පණ පෙව්වා.

“පුතා රඟපෑම් කටයුතුවල යෙදෙනවාට ඔබ දෙපළගේ විරුද්ධත්වයක් නැතිද?”

නිමන්ති පිළිතුරු බැන්ඳේ මතීෂ පුතාව ළඟට ගන්න ගමන්.

“පුතා ‘ආලෝකෝ උදපාදි’ චිත්‍රපටයේ රඟපෑ චරිතයට බොහොම හොඳ ප්‍රතිචාර ලැබුණා. ඔහු ඒ චරිතය වයසට වඩා හොඳන් නිරූපණය කර තිබෙන බවයි හැමෝම වගේ පැවසුවේ. එහි පුතා කළ රඟපෑම් දැකලයි සුදත් අයියා ‘හඳයා’ ටෙලි නාට්‍යයේ චරිතයකට ඔහුව තෝරා ගත්තේ. අපි දෙන්නා ම පුතා අධ්‍යාපන කටයුතු පාඩු කරගෙන රඟපානවාට කැමැති නැහැ. පළමු තැන ලබා දෙන්නේ අධ්‍යාපන කටයුතුවලටයි. එයා ලයිසියම් ජාත්‍යන්තර පාසලේ 5ශ්‍රේණියේයි ඉගෙන ගන්නේ.”

බොහොම සුන්දර කැදැල්ලක් අසිරිය විදහාපාන නිමන්ති - ප්‍රභාත්ගේ කැදැල්ල තවත් සුන්දර වන්නේ මතීෂ පුතාත්, සංසා දුවත් නිසා. මේ කතාබහ අතර සංසාත්, දඟකාර මතීෂ පුංචි රණ්ඩුවක පැටලිලා. ඒ අවුල ලිහන්න නිමන්ති ඉක්මනට ම සංසා ළඟට ළංවුණා. පුංචි දෙයක් වුණත් ලොකු කරගෙන හඬන තෙහැවිරිදි සංසා දුවව නිමන්ති වඩා ගත්තේ සනසවන ගමන්. ඒ අතර මතීෂ පුතා ළංවුණේ තාත්තා ළඟට. ඔවුන්ට ඒ සොඳුරු මොහොත ගෙවන්නට ඉඩහසර පාදමින් මා ඔවුන්ගෙන් සමුගත්තා.

සටහන හා සේයාරූ - තිලානි ශානිකා විතානාච්චි

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook