Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

ගැහැනියක්‌ මවක්‌ වුණත් ස්‌වාධීනව
ඉන්න මට කියල දුන්නෙ මගේ නිළිකම
ලිංගිකත්වය වෙනුවෙන් පෙනී සිටින්නෙ ඒ නිසයි
-අනෝමා ජනාදරී


අනෝමා ජනාදරී චරිතාංගෙ නිළියක්‌ ලෙස මෙරට සිනමාව හා රූපවාහිනිය තුළින් ප්‍රේක්‍ෂක ජනාදරයට පත්ව ඇත්තේ කලක පටන්ය. රංගනයේදී මෙන්ම ඇත්ත ජීවිත භාවිතාව තුළ සිය අදහස්‌ විවෘතව හා සාජුව ප්‍රකාශ කිරීම තුළ ඇයට හිමි වු දේ මෙන්ම අහිමි වු දෙයද බොහෝය. මේ වන විට නැවත වරක්‌ ඇය පිළිබඳ බොහෝ දෙනෙක්‌ කතා බහ කරන්නට පටන් ගෙන ඇත්තේ ඇය විසින් මේ වන විට රචනා කොට ඇති නුදුරේදීම පාඨකයන් අතට පත් කිරීමට නියමිත "ප්‍රේම ජවනිකා" නම් කෘතිය සහ එහි ඇතුළත් ආදර්ශ රූප සටහන් සඳහා ඇගේ නිරුවත් ඡායාරූප රැසක්‌ ඇතුළත්ය යන විවාදාත්මක ආරංචියත් සමඟය. ඒ පිළිබඳවත් "ප්‍රේම ජවනිකා" කෘතියේ අන්තර් ගත කරුණු කාරණා රැසක්‌ පිළිබඳවත් පසුගිය දිනක අනෝමා ජනාදරී සමඟ සිදු කළ සම්මුඛ සාකච්ඡාවක්‌ පහත පළවේ.


ජනප්‍රිය රංගන ශිල්පිණියක්‌ වන ඔබ "ප්‍රේම ජවනිකා" නැමති කෘතිය රචනා කිරීම තුළ සමාජයට ලබාදීමට උත්සාහ දරන පණිවිඩය


එය කාරණා කීපයක්‌ විසින් සහ කාරණා කීපයක්‌ සැබෑ කර ගැනීමේ අරමුණින් සිද්ධ වූ දෙයක්‌. විශේෂයෙන්ම නිළියක්‌ විදිහට ප්‍රේම ජවනිකා කියන කෘතියට මම ප්‍රවේශ වෙන්නෙ අපි ජීවත් වන එහෙමත් නැත්නම් අපිට ජීවත් වෙන්න සිද්ධවෙලා තිබෙන දේශපාලනික වටපිටාවේ ඇති නරකාදී ලක්‍ෂණ ගැන කතා කරන්න. විශ්වවිද්‍යාල සිසුවියක්‌ පෙම්වතියක්‌, බිරිඳක්‌, මවක්‌ හැටියටත් මේ රටේ හැම පන්තියක්‌ම නියෝජනය කරන ගැහැණුන්ගේ, පිරිමින්ගේ හද ගැස්‌ම මගේ ප්‍රේම ජවනිකා කෘතියට ඇතුළත් වෙලා තිබෙනවා. ඊළඟට මේ ධනපති ක්‍රමය තුළ වන හොරකම මිනී මැරුම් ශ්‍රමය සූරා කෑම වගේ ගතිකයන් වෙනස්‌ කිරීම පිණිස උසස්‌ ලිංගිකයන් උපදවා ගැනීම සදහා එකිනෙකාට ආදරය කළ යුතු අන්දම ප්‍රේම කළ යුතු අන්දම පිළිබඳ අවබෝධය ප්‍රේම ජවනිකා කෘතිය තුළ අන්තර්ගත වෙලා තිබෙනවා.


එම ග්‍රන්ථය තුළ ඔබ "ඔබගේම ඇඟ" පෙන්වීම මගින් අපේක්‍ෂා කරන අරමුණු මොනවාද?


අනුවර්තනයක්‌ වන මෙහි මුල් කෘතිය තුළ වන ආදර්ශ රූප සඳහා පෙනී සිටින්නේ සුදු හම සහිත විදේශීය අඹුසැමි යුවලක්‌. නමුත් මා මෙම කෘතිය රචනා කරන්නෙ ලාංකික ප්‍රජාව ඉලක්‌ක කරගෙන. එතනදී ඔවුන්ට මෙම කෘතිය හැකිතාක්‌ සමීප කරවීමත් රූප සටහන් සඳහා පූර්ණ නිරුවත් දර්ශන ඇතුළත්ව තිබීම නිසාත් ඊට අමතරව එම අභියෝගය භාර ගැනීමට සමත් කම් දක්‌වන්න පුළුවන් කෙනෙකු නොවීමත් හේතුවෙන් මම අභියෝගය බාර ගන්නවා. ඒකට තවත් හේතුවක්‌ තමයි චිත්‍රපට හරහා මටම කියල විශේෂ ප්‍රේක්‍ෂක ප්‍රජාවක්‌ සිටීම. ඒ කාරණා හේතුවෙන් ප්‍රේම ජවනිකා කෘතියේ ආදර්ශ රූප සඳහා මා පෙනී සිටීම තුළ අපේක්‍ෂා කරන්නෙ කෘතිය හා පාඨකයා අතර පියමන් කරන අන්තර්ගතයේ හරය මිස වෙන යමක්‌ නෙවෙයි.

ඊට අමතර හේතුවක්‌ තියෙනවා නම් එය මෙතෙක්‌ මා රවටා මගේ නිරුවත හා රඟපෑමේ කුසලතාවය ඊනියා ස්‌ත්‍රිවාදයට ලඝූ කොට බඩවඩාගත් ඊනියා සිනමාකරුවන්ගෙ දෙබිඩි මානසිකත්වයෙන් මුදා ස්‌ත්‍රි කය නම් සකල ලෝකවාසී පිරිමින්ගේ එකම හා දිව්‍යමය රස ගුලාව සහ ප්‍රවේණිය සුරකින වස්‌තුමය යන්න සපථ කිරීමක්‌ ප්‍රබල හේතුවක්‌ ලෙස දැක්‌විය හැකියි.


සන්නිවේදන තාක්‍ෂණයේ දියුණුවත් සමඟ ලිංගිකත්වය කියන විෂය සාමාන්‍ය දෙයක්‌. එහෙම තත්ත්වයක්‌ තුළ ඔබගේ ග්‍රන්ථය වන ප්‍රේම ජවනිකා කෘතිය අලුත් කියවීමක්‌ වේවිද?


එය ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්‌. උදාහරණයක්‌ විදිහට ගත්තොත් ස්‌මාර්ට්‌ ෆොaන් එකක්‌ අතේ තිබෙන කෙනෙකුට මේ දේවල් රහසක්‌ නොවෙන්න පුළුවන්. ඒ තුළ තිබෙන දෙයින් 90% ක්‌ හරවත් දේවල්. ඉතිරි 10% තමයි අපේ වගේ රටවලට බලපාන තීරණාත්මක දේ තිබෙන්නෙ. ඔබ කියන ආකාරයට ඒවා හරහා ලැබෙන දත්තයන් මගින් අදාළ ග්‍රාහකයාට ඒවා නැරඹිය හැකියි. ඒවා තහනම් කිරීමට තිබෙන නිර්ණායක ශක්‌තිමත් නැහැ. විශේෂයෙන් ෆොaන් ෆිල්ම්ස්‌ කියන්නෙ බටහිර යුරෝපීය රටවල තිබෙන පුද්ගලික වෙළෙඳ අධිකාරියකට ඒත් ලිංගිකත්වයේ යථාව ඒ තුළ නැහැ. නමුත් අපේ රටේ පිරිමි ගත්තොත් වයස්‌ භේදයකින් තොරව ඒ දේවල් නරඹනවා. මේ අය හිතන්නෙ මෙය සැබෑ ලෝකයේ ඉටු කර ගත හැකි යථාවක්‌ කියලා. එහෙම තත්ත්වයක්‌ තුළ මේ වන විටත් ෆොaන් ෆිල්ම්ස්‌ අපේ රට තුළ අයථාර්ථවත් මානසිකත්වයක්‌ ඇති කරල ඉවරයි. ඒ අර්ථයෙන් ගත් විට ප්‍රේම ජවනිකා කියන්නෙ වෙනස්‌ කියවීමකට.


කාම සූත්‍ර, රති ශාස්‌ත්‍රය වැනි ග්‍රන්ථ හරහා ලිංගිකත්වය හා ඒ හා බැඳුන සංසිද්ධීන් පිළිබඳ කතාබහ වෙනවා. ඔබගේ ග්‍රන්ථය එහිම දිගුවක්‌ විය නොහැකිද?


ඔබ කියූ කෘතීන් පමණක්‌ නෙවෙයි. වාත්ස්‍යායනය වැනි ඓතිහාසික අධ්‍යනවලින් රාගය උනුන් ලබන ආකාරය පිළිබඳ අදාළ කතුවරුන් විසින් විග්‍රහ කර තිබෙනවා. ඒත් මම ඒ ග්‍රන්ථ දකින්නෙ රදල ප්‍රභූවරුන්ගෙ අධිපති මතවාදී අයිතිවාසිකමක්‌ හැටියට. මගේ ප්‍රේම ජවනිකා පොතේ ඇතුළත් වෙලා තියෙන්නෙ විශේෂයෙන් මධ්‍යම පාන්තික ගැහැණුන් හා පිරිමින්ගෙ අනවබෝධයන් හා ලිංගිකත්වය පිළිබඳ විද්‍යාත්මක නොදැනුවත්කම් මගහරවාගෙන සැබෑ පෙම් සුව විඳින ආකාරය පිළිබඳවයි. එය ආගමට හෝ ජාති කුලමලවලට වාරණය කළ හැකි හෝ ඒවායින් වාරණය වන තොරතුරු නොවෙයි.


ඔබ කියන්නෙ රටක්‌ ලෙස ගත්තොත් ලංකාවට විධිමත් ලිංගික අධ්‍යාපනය පිළිබඳ තිබෙන අවබෝධය අවමයි කියන කාරණයද?


ඔව්. පොදු ජන සමාජයටම ඒ පිළිබඳ මනා අවබෝධයක්‌ තිබිය යුතුයි. ලිංගික අධ්‍යාපනය කියන දෙය විෂයක්‌ ලෙස පාසලේ 9 වන ශේ්‍රaණියේ සිට ඉගැන්විය යුතුයි කියන තැන මම ඉන්නෙ. අපේ රටේ සිංහල බෞද්ධ, ක්‍රිස්‌තියානි හින්දු මුස්‌ලිම් සෑම ප්‍රජාවකටම විශේෂයෙන්ම නංගිට, අක්‌කට, අම්මට, ආච්චිට, බිරිඳට වෙසෙසින් ගරු කරන හැටි කුඩා කල සිට ඉගැන්විය යුතුයි. එසේ නොකිරීමේ ප්‍රතිඵල ලෙස ගෘහස්‌ථ හිංසනය, පරපීඩන ලිංගිකත්වය වැනි කාරණා මේ වන විටත් මහා සමාජය ඇතුලේ දැවැන්ත ෙ€දවාචකයක්‌ නිර්මාණය කරල ඉවරයි. ඒවා ආගමෙන් සදාචාරයෙන්, සභ්‍යත්වයෙන් උගන්වන්න බැහැ කියල පසුගිය වසර 2600 ගණන විසින් අපට පෙන්වල දීල තිබෙනවා.


ඔබ කියන්නෙ ප්‍රතිවිරුද්ධ ලිංගිකයන් අතර සංහිඳියාවක්‌ ඇති කළ යුතුයි කියන කාරණයද?


අනිවාර්යයෙන්ම එය කළ යුත්තක්‌ එසේ කළ හැක්‌කේ ඔවුන්ගේ මානව හිමිකම් හා යුක්‌තිය පසිඳලන ශක්‌තිමත් නීතිමය රාමුවක්‌ තුළ පමණයි. හැබැයි එය වචනයට පමණක්‌ සීමා නොවිය යුතුයි. ලිංගිකත්වය අනුව ගත් විට එහෙමත් නැත්නම් කතා කරන විට අපේ වගේ රටක ප්‍රතිවිරුද්ධ ලිංගික පාර්ශවයන්ට පාර්ලිමේන්තු නියෝජනය හිමිවිය යුතුමයි.


මෙතෙක්‌ වෙලා ඔබ විසින් ලබා දුන් පිළිතුරුවලට අනුව පෙනී යන කරුණක්‌ තමයි මිනිස්‌ වර්ගයාගේ ප්‍රභවය හා පරිනාමය මානව හිතවාදී දේශපාලනයන් පදනම් කර ගෙන පෙරට යන කාරණයක්‌ බව එහි සත්‍යයක්‌ පවතිනවද?


ඔව් ඒක තමයි ඇත්ත. දැන් මාව ගත්තොත් විශ්වවිද්‍යාල අධ්‍යාපනයේදී පොත පතට පමණක්‌ සීමා නොවී දේශපාලනික ප්‍රවාදවලට අපව තල්ලු වුණේ ඒ නිසයි. මුලින්ම දේශපාලනික ප්‍රවාදයක්‌ මා තුළ නිර්මාණය කළේ දයා පතිරණ සහෝදරය. අපි ශිෂ්‍යයන් හැටියට ස්‌වාධීන විය යුතු බවත් දෙමළ ප්‍රජාවගේ අයිතීන් මානව හිතවාදී ආකාරයට දැකිය යුතු බවත් ඊට අමතරව ප්‍රායෝගික අරගල තුළින් ඒවා දිනාගත යුතු බවත් ඉගෙන ගත්තෙ ඔහුගෙ නායකත්වයෙන්. ඒ හින්ද තමයි අපේ ජීවිත සාහිත්‍ය, කලාව ඇසුරෙ මානව හිතවාදී අයුරින් හැඩ ගස්‌සවා ගත්තෙ.


ආගම සදාචාරය ආදී කරුණුවලින් හික්‌මවන ලද සමාජයකට "ප්‍රේම ජවනිකා" කෘතිය සහ එහි අන්තර්ගත නිරුවත් ඡායාරූප මගින් යම් අගතියක්‌ සිද්ධ වුණොත් එහි වගකීම ඔබ භාර ගන්නවද?


පිළිතුර - ගෙදර බුදුන් අම්මා කියන දෙය බිහි කළේ ආගම විසින් නම් බුදුන් වහන්සේ විසින් පවා බුද්ධ දේශනාවේදී ඉපදීම පිළිබඳ දාර්ශනික මෙන්ම විද්‍යාත්මක කරුණු දේශනා කරල තියෙනවනම් ජාතිය ගොඩනැඟêමේ විද්‍යාත්මක පදනමට මහෝපකාරි වන පුරෝගාමී කෘතියක්‌ රචනා කිරීම ආගමික සදාචාරයට විරුද්ධ දෙයක්‌ වෙන්නෙ කොහොමද?


ගැහැනියක්‌ මවක්‌ ලෙස ලිංගිකත්වය වෙනුවෙන් පෙනී සිටීම හා කථාබහ කිරීම සංකීර්ණ කටයුත්තක්‌ නේද?


අවධාරණයෙන් කියන්න ඕන. මම සම්ප්‍රදායික ගතානුගතික ගැහැනියක්‌ හෝ බිරිඳක්‌ නෙවෙයි. ඒ වගේම ගැහැනියක්‌ මවක්‌ වුණත් ස්‌වාධීනව ඉන්න මට කියල දුන්නෙ මගේ නිළිකම.

මම තනිතටුව චිත්‍රපටයෙ රඟපාල ගෙදර එනකොටත් මගේ දූල ඉස්‌කෝලෙ යනවා. ඒ චිත්‍රපටයේ පූර්ණ නිරුවත් ජවනිකා 3 ක්‌ තිබුණා. පාසලේදී දරුවන්ගේ මානසිකත්වය කාගෙවත් අතින් බිඳ නොවැටීම පිණිස මම කලේ මගේ දරුවො දෙන්නගෙ අවබෝධය ඒ සම්බන්ධව ඇති කිරීම. මම එයාලට කිව්වෙ කවුරු මොනව කිව්වත් ඒ අයට කියන්න අපේ අම්ම ඒ චිත්‍රපටයේ රඟපෑවේ චරිතයක්‌ විතරයි. ඒත් එයා අපේ අම්ම කියල. ඔබ කියනවා වගේ මේ කටයුත්ත සංකීර්ණ තමයි. ඒත් මම අදටත් මහපොළොවෙ පය ගහල පාරතොටේ ඇවිදගෙන යන ජනතාව සමඟ ඉන්න ගැහැනියක්‌. මම කරන දේ හැමෝටම කරන්න බැරි හින්දත් හැමෝම වෙනුවෙන් ඒ දේ කරන්නත් මම ශක්‌තිය ගන්නෙ ඒ හින්දයි.


ආදරය, ප්‍රේමය, විවාහය කියන කාරණාවලින් වියුක්‌තව පවතින්න ඔබ තුළ කැමැත්තක්‌ තිබෙනවද?


පිළිතුර - ඔබ මට නොකිය කියන්නෙ මම හැඟීම් දැනීම් නොදැනෙන හදවතක්‌ නැති යකඩ ගැහැනියක්‌ කියල නේද? එහෙම නම් මම ඔබට අභියෝග කරනව ඉදිරියේ තිරගත වීමට නියමිත සංජීව පුෂ්පකුමාරගේ දැවෙන විහඟුන් චිත්‍රපටයේ දරුවන් අට දෙනෙකුගේ අම්මා කෙනෙක්‌ විදිහට මම රඟපාන ප්‍රධාන චරිතය එක කඳුළක්‌වත් නොහෙළා මුල සිට අගට නරඹන්න කියලා.

සාකච්ඡා කළේ - රුවන් ජයවර්ධන

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook