Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement


ඕනම කැප කිරීමක් කරන්න බැහැ
කටකතාවලින් නම් බේරෙන්න බැහැ
ඒක අපේ සමාජයේ හැටියක්
-අනෝජා වීරසේකර 


ඔබේ රංගන ගමනේ ආරම්භය ගැන මුලින්ම කතා කරමු?

මම මුලින්ම 1992දී විතර සුමිත්‍රා පීරිස් මහත්මියගෙ ගැහැනු ළමයි නාට්‍යයට තමයි සම්බන්ධ වුණේ. ඊට පස්සේ කිරි පබළු නාට්‍යයට සම්බන්ධ වුණා. ඒත් එක්ක තමයි මේ රංගන ගමන ආවේ.

මේ දවස්වල ඔබ මෙඩිසිනා නිසා ප්‍රේක්ෂකයෝ දිනාගෙන ඉන්නවා නේද?

ඔව්. මිනිස්සු මාව වැඩිපුරම හඳුනාගෙන තියෙන්නේ මෙඩිසිනා නාට්‍යයේ මිසිස් නාරම්පනාවගේ චරිතයෙන්.

ඊට අමතරව මොනවද මේ දවස්වල අලුත් වැඩකටයුතු?

බෝධි නාට්‍යයේ සහ එකගෙයි මිනිස්සු නාට්‍යවල රූගත කිරීම් ඉවර වුණා. ඊට අමතරව වේදිකා නාට්‍යවල රියසල් සහ දෝණි නාට්‍යයේ හඬකැවීම් කරගෙන යනවා. ගෝත්‍ර සහ රාක්ෂ කියන චිත්‍රපටවලටත් සම්බන්ධ වුණා.

වැඩිපුර කැමැති රිදී තිරයටද? පුංචි තිරයටද?

එහෙම එකක් නැහැ. මම චිත්‍රපට පහකට වගේ තමයි සම්බන්ධ වෙලා තියෙන්නෙ. ඒත් මම හැම චරිතයකටම උපරිම සාධාරණයක් ඉෂ්ට කරනවා.

ක්ෂේත්‍රයට ආව වගේ නෙවෙයි රැඳෙන්න අමාරුයි කියලා බොහෝ අය කියනවා. ඔබටත් එහෙම දැනිලා තියෙනවද?

ඔව්. ඒක ඇත්තටම තමන්ගෙ වාසනාව මත වගේම හැකියාවත් එක්ක තීරණය වෙන්නේ.

ක්ෂේත්‍රය තුළ දිගු ගමනක් යන්න බලාපොරොත්තුවක් තියෙනවද?

ඇත්තටම ඔව්. නමුත් මම චරිත භාර ගන්නේ තෝරා බේරා ගෙන. මම දැන් හුඟක් ජනප්‍රියයි. නමුත් මට රංගන ජීවිතයේදී ලබන්න පුළුවන් ලොකුම දේ තමයි සම්මානයක්. එක සම්මානයක් හරි ලැබෙයි කියන බලාපොරොත්තුවක් මට තියෙනවා.

චරිත තෝරා බේරා ගන්න කොට චරිතාංග නිළියක් වෙන්න පුළුවන්ද?

මෙහෙමයි. මට නුසුදුසු චරිතයකට, ඒ කියන්නෙ මගේ නිරුවත පෙන්වන චරිතයකට ආරාධනා ලැබුණොත් මම ඒක ප්‍රතික්ෂේප කරනවා. මොකද චරිතාංග නිළියක් වෙන්න ඕන කියලා ඒ වගේ දේවල් භාර ගන්න බැහැ. මුලින්ම මම ගැන හිතන්න ඕනෑ. නමුත් ඒ වගේ චරිත නොකළා කියලා ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න බැරිකමක් නැහැ.

සමහරු රංගනය වෙනුවෙන් ඕනම කැප කිරීමක් කරනවා. ඔබ එහෙම නැද්ද?

මෙහෙමයි. ඕනම කැප කිරීමක් කරන්න බැහැ. මොකද මම මුලින්ම මම ගැන හිතන්න ඕනෑ. මට මොනා හරි කරදරයක් වුණොත් කවුරුත් එන්නෙ නැහැ. ඇවිත් බලලා යයි එච්චරයි. මම ඒක අද්දැකීමෙන්මයි කියන්නෙ.

මේ ක්ෂේත්‍රයේදී අයුතු යෝජනා එනවා කියලත් සමහරු කියනවා. ඔබටත් එවැනි අයුතු යෝජනා ඇවිත් තියෙනවද?

ඕන කෙනකුට යෝජනා ගේන්න අයිතියක් තියෙනවා. නමුත් එය භාර ගන්නවද නැද්ද කියන එක තමන් සතුයි. මොකද කවුරුත් බලෙන් අපිව අරගෙන යන්නෙ නැහැ. තමන්ට අවශ්‍ය නම් භාර ගන්නවා. එපා නම් නිහතමානීව ප්‍රතික්ෂේප කරනවා.

නිළියන්ට කටකතා හැදෙනවා වැඩියි. ඔබට ඒවායෙන් බේරිලා ඉන්න පුළුවන්ද?

කටකතාවලින් නම් බේරෙන්න බැහැ. ඒක අපේ සමාජයේ හැටියක්. මම නම් ඒ කටකතා ඒ කනෙන් අහලා මේ කනෙන් පිට කරලා දානවා. ඇත්ත දේවල්වලටත් සමහරුන්ට කටකතා හැදෙනවා.

ඔබට තිබෙන්නේ ප්‍රවීණ රංගන ශිල්පිනියකගේ නමට සමීප නමක්. ඒ නිසා පැටලීම් එහෙමත් සිදුවෙලා ඇති?

ගොඩක් අවස්ථාවල එහෙම වෙලා තියෙනවා. මට අනෝජා අක්කට එන අන්තර්ජාතික මට්ටමේ ආරාධනා පවා ලැබිලා තියෙනවා. ඒ වගේ මට එන කෝල්ස් එයාට ගිහින් තියෙනවා. හැබැයි මම හුඟක් සතුටු වෙනවා අනෝජා අක්කගේ නම මට ලැබීම ගැන. ඇය හරිම සුහදශීලීි කෙනෙක්.

ලක්ෂිකා දිව්‍යාංජලී වීරකෝන්

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook