Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

මගේ සොයුරා පිළිකාවකින් මිය ගිහිල්ලා අවුරුදු 20ක්, එදා ඉඳලා ගොඩක් මහින්සිවුනා ලංකාවට අවශ්‍ය මේ පහසුකම් දෙන්න

කඳුළු අතරින් මහේල කියපු කතාව(වීඩියෝ)

ගාල්ල කරාපිටිය මහ රෝහලට අනුබද්ධව පිළිකා රෝහලක් ඉදිකිරීම සඳහා අරමුදල් රැස් කරනු වස් සහාය දුන් සියලූ‍ ශ්‍රී ලංකාවාසීන්ට ප්‍රණාමය පුද කරන බව හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන පවසයි.

ඔහු ඒ බව කියා සිටියේ අදාළ රෝහල ඉදිකිරීමට අවශ්‍ය අරමුදල් රැස්කිරීම සඳහා ඔහුගේ ප්‍රධානත්වයෙන් දියත් කෙරුණු පාගමන අවසානයේ කරාපිටිය රෝහල් පරිශ්‍රය තුළ ඊට මුල් ගල් තැබූ අවස්ථාවේ අදහස් දක්වමිනි.

පාගමන නිමාවීම සිය උත්සාහයේ එක් සන්ධිස්ථානයක් වුවත්, එය අවසන් වන්නේ රෝහල ඉදිකර රෝගීන්ට ප්‍රතිකාර කිරීම ආරම්භ කරන අවස්ථාවේ බව ඔහු වැඩිදුරටත් පැවසීය.

පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා කිලෝමීටර 700 ක් පාගමනින් පැමිණ, කඳුළු අතරින් අදහස් දැක්වූ මහේල ජයවර්ධන, මීට විසි වසරකට ඉහතදී පිළිකා රෝගයෙන් මියගිය තම සොහොයුරා සිහිපත්වන බව සඳහන් කළේය.

පාගමන තුළදී ශ්‍රී ලංකාවාසීන්ගෙන් ලද ප්‍රතිචාරය කෙබඳුදැයි පැහැදිළි කරමින් කතා කළ මහේල, ˜‍මම හිතන්නේ මගේ මාත් ජීවිතේ සුන්දරම දවස් 27 ක් ගෙවුන. උතුරේ පේදුරුතුඩුවේ ඉඳල අපි මාතරට ඇවිල්ල තියෙනව. ශ්‍රී ලංකාවේ ජනතාව zකෙතරම් සුන්දර ද, කෙතරම් පරිත්‍යාගශීලී ද,˜‍ යැයි පවසද්දී ඉතා හැඟ=‍ම්බර විණ.

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ප්‍රතිඥාවක්

ගාල්ල කරාපිටිය මහ රෝහලට අනුබද්ධව පිළිකා රෝහලක් ඉදිකිරීම පි‚ස අවශ්‍ය රුපියල් මිලියන 750ක මුදල සපයන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රතිඥා දුන්නේය.

එහි අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල එය අවධාරණය කළේ, අදාළ රෝහල ඉදිකිරීමට අවශ්‍ය අරමුදල් රැස්කිරීම සඳහා මහේල ජයවර්ධනගේ ප්‍රධානත්වයෙන් දියත් කෙරුණු පාගමන අවසානයේ කරාපිටිය රෝහල් පරිශ්‍රය තුළ ඊට මුල් ගල් තැබූ අවස්ථාවේ අදහස් දක්වමිනි.

මේ අතර පිළිකා රෝහලක් ඉදිකිරීම පි‚ස අවශ්‍ය රුපියල් මිලියන 750ක මුදල සපයන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රතිඥා දුන්නේය.

පාගමනින් රුපියල් මිලියන 750 ක් රැස් කෙරෙනු ඇති බැවින් ඒ සඳහා අවශ්‍ය ඉතිරි මුදල ලබා දෙන අතරම, සෞඛ්‍ය අමාත්‍යංශයේ අරමුදලින් වහාම රෝහල් ගොඩනැගිල්ලට මුල් ගල් තබන මෙන් උපදෙස් දුන් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය මහීපාල සඳහන් කළේය.

නව පිළිකා රෝහල ඉදිකිරීම පි‚ස සෞඛ්‍ය අමාත්‍යංශය සමග එක්ව පාගමන දියත් කරනු ලැබුවේ ඔර්සකීඛ පුණ්‍යායතනය විසිනි.

BBC

-සබැදි පුවත්-

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook