Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

අද බිනර පොහොය දිනයයි
බිනර පොහොයෙහි ඇති වැදගත් කම


බෞද්ධ ශාස‍නයේ වැදගත් සිදුවීම් කිහිපයක් සිදුවු බිනර පුර ප‍සළොස්වක පොහොය දිනය අද(05)ට යෙදී තිබේ.


මෙම පොහොය දිනය ලෝකවාසී කාන්තාවන්ට විශේෂ වූ පොහොය දිනයක් ලෙස හැඳින්විය හැකිය.

බුදුන් වහන්සේ "විශාලා මහනුවර කූටාගාර ශාලාවේ" වැඩ වෙසෙන සමයේ "මහ ප්‍රජාපතී ගෝතමී" දේවිය හා "රෝහිනී" නදී තීරයේදී පැවිදි වූ කුමාරුවන්ගේ භාර්යාවන් 500 දෙනෙකු කසාවත් හැඳ හිසකේ සිඳ "කිඹුල්වත්" නුවර සිට "විශාලා"මහනුවර දක්වා පැමිණ "අෂ්ට ගරු ධර්ම" පිළිගත් පසු, මුල්වරට භික්ෂුශාසනය පිහිටුවීමට බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළේ අද වැනි පොහොය දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන්ය.

එසේම බුදුන් වහන්සේ පස්වග තවුසන්ට ධර්මය දේශනා කර බුද්ධත්වයෙන් පසු එළඹි පළමු වස්සාන ඍතුව "බරණැස් නුවර ඉසිපතනාරාමයේ" වැඩ වාසය ආරම්භ කළේද අද වැනි දිනක සිට බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි.

සංඝ රත්නයේ බිහිවීමත්, ධර්ම ප්‍රචාරයේ ආරම්භයත් මේ කාලය තුලදී සිදුවී ඇති බව පැර‚ පොත පතෙහි සදහන්ය. එසේම "තපස්සු - භල්ලූ‍ක" වෙළඳ දෙබෑයන් විසින් බුදුන් වහන්සේගේ "කේශ ධාතු" තැන්පත් කරනලද "ගිරිහඩු සෑය" ඉදිකිරීමේ කටයුතු ද අද වැනි සිදුව ඇතැයි සඳහන්වේ.

මෙදින වස් කාලය බැවින් සියලූ‍ම විහාරස්ථානවල විවිධ පින්කම් පැවැත්වෙන අතර මෙම පින්කම්වලට බෞද්ධ පින්වතුන් විශාල වශයෙන් සහභාගි වන අයුරු දක්නට ලැබේ.

මේ අතර අදට යෙදී ඇති බිනර පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් දිවයිනේ විහාරස්ථාන බොහෝමයක ආගමික වතාවත් සංවිධානය කර තිබේ.


Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook