Featured News

Video Gossip

Advertisement

ලබන වසරේ රටම අමාරුවේ ලංකාවේ ආර්ථික වර්ධනය එන වසරේ 2.9ට අඩු වෙනවා..
පස්වන සමාලෝචනය කල් දැම්මා - IMF
ජාත්යන්තර මූල්ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්රී ලංකාව වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 206ක හදිසි මූල්ය ආධාර අනුමත කරමින් නිකුත් කළ නිවේදනයට අනුව, ඉදිරි වසරවලදී මෙරට ආර්ථික වර්ධන වේගය මන්දගාමී වනු ඇතැයි පුරෝකථනය කර ඇත.
වාර්තාවේ දැක්වෙන ආර්ථික දර්ශකයන්ට අනුව, ශ්රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 2024 වසරේදී සියයට 5.0ක වර්ධනයක් වාර්තා කළද, එය 2025 වසරේදී සියයට 4.2ක් දක්වා අඩුවනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත.
විශේෂයෙන්ම 2026 වසරේදී ආර්ථික වර්ධන වේගය සියයට 2.9ක් දක්වා තවදුරටත් මන්දගාමී වනු ඇතැයි පුරෝකථනය කර තිබීම විශේෂත්වයකි.
ජාතිවාදය හා ආගම්වාදය පුපුරුවා හල කිතු උපත 
සුභ නත්තලක් වේවා!

කිතු තුමන්ගේ උපත පිළිබඳ ඉඟි කරන ප්රතකාශයක මෙසේ සඳහන් වේ. ‘අන්ධකාරයෙහි ඇවිද්ද සෙනඟ මහත් ආලෝකයක් දුටුවෝය. ඝනඳුරු දේශයෙහි විසු අය කෙරෙහි එළියක් දැන් බැබලෙන්නේය” (ශුද්ධ වු බයිබලය – යෙසායා 9/2)

කිතු තුමන්ගේ උපත අලෝකයක් වුනේ ජාතිවාදයෙන් ආගම්වාදයෙන් පිරුණු, පීඩාවෙන් වහල්කමින් ජනයා තැළි පෙළි පොඩිවුනු දේශයකටය. ජනතාවකටය. කිතු තුමන් ජාතිවාදයට ආගම්වාදයට දැක් වු ප්රෙතිචාරය කිතු උපත සිහිපත් කරන මේ කාලය තුළ මෙනෙහි කිරිම ජාතිවාදයේ ඝනාන්ධකාරයට මිනිසුන් ඇද දමන අප රටට ද ජාතිවාදය හා ආගම්වාදය තුළ සවිඥානිකව හෝ අවිඥානිකව ගිලි යන ජනයාටද ආලෝකයක් වනු ඇත.
ශ්‍රී මහා බෝධින් වහන්සේ
ලක්දිවට වැඩමවූ  අසිරිමත් 
උදුවප් ‌පො‌හොය අදයි

උදුවප් පොහොය දිනය අදයිලොවුතුරා බුද්ධත්වයට සෙවණ දුන් බෝ සමිඳුන්ට අනිමිස ලෝචන පූජාවෙන් ද බුදුරජාණන් වහන්සේ කළ ගුණ සැලකූ සේක. සැදැහැති බෞද්ධයාගේ ප්‍රසාද සංවේගය ජනිත කරවා බුද්ධත්වයේ සංකේතය ලෙස පූජනීය වූ ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව අද වැනි පින්බර පොහොය දිනක උරුම වීම ලක්දිව බෞද්ධයා ලද මහත් වූ භාග්‍යයකි දොළොස් මහේ පොහොය අතුරින් උඳුවප් පුර පසළොස්වක පොහොය ලාංකේය වනිතාවට සුවිශේෂී වූ දිනයකි. එකල පරාධීනව පසු වූ ලාංකේය වනිතාවගේ විමුක්තිය උදා කළ පහන් ටැඹ වූ සංඝමිත්තා මහ රහත් මෙහෙණින් වහන්සේගේ ලංකාගමනය සිදු වූයේ අද වැනි උඳුවප් පුර පසළොස්වක පොහොය දිනක ය.

ටුක්ටුක් පදින සුද්දන්ගේ 
TUK TUK අත්අඩංගුවට ගැනීමේ හදිසි මෙහෙයුමක්

නිත්‍යානුකුලව තාවකාලික බලපත් ලබාගෙන ත්‍රී රෝද රථ පදවන සංචාරකයන් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය සූදානම් වන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට ලැබී ඇත.

කුඩු සමග හසුවූ විදුහල්පතිගේ බිරිද වන පෑලියගොඩ මාලිමා මන්ත‍්‍රිනිය කොස්ගොඩ සුජී සමග ඥාතිකමක් තවම හෙලිවී නෑ

විමර්ශන සිද්ධ වෙනවා. දැනට කියන්න බැහැ - පොලිස් ඇමති කියයි

අනුරාධපුර ඉපලෝගම ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගන්නා ලද විදුහල්පතිවරයාගේ බිරිඳවන ජාතික ජන බලවේගයේ පෑලියගොඩ නාගරික මන්ත්‍රීනී දිස්නා නිරංජලා සම්බන්ධයෙන් මහජන ආරක්‍ෂක ඇමති ආනන්ද විජේපාල මහතා අදහස් පල කරයි.

මාලිමා මන්ත්‍රීවරියගේ විදුහල්පති සැමියා
කුඩුත් එක්ක මාට්ටු

අනුරාධපුර එප්පාවල ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිවරයෙකු හෙරොයින් කිලෝ එකකට අධික ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

මීට සතියකට පමණ පෙර එප්පාවල නල්ලමුදාව පාර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් 30 හැවිරිදි පුද්ගලයෙකුගෙන් ලද ‍තොරතුරක් මත අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් මෙම වැටලීම සිදුකර තිබුණි.
ඉල් පුර පසළොස්වක පොහොය දිනයේ වැදගත්කම

ජනතාවගේ සිත් සතන් බුද්ධාලම්භන පී‍්‍රතියෙන් ප්‍රබෝධවත් වන ඉල් පුර පසළොස්වක පොහොය දිනය ශාසනික වශයෙන් ඛෙහෙවින් වැදගත්ය. සසුන් ඉතිහාසයේ වැදගත් සිදුවීම් ගණනාවක් ඉල් පුර පසළොස්වක පොහොය දිනයේ සිදුව ඇත. වස්සාන ඍතුවේ අවසාන පොහොය වන මෙදින කඨින චීවර පූජා කළ හැකි අවසන් දිනයද වෙයි. බුදුසමයට අදාළව ඓතිහාසික වශයෙන් ඉල් පුර පසළොස්වක පොහොය දිනයේ සිදුවූ වැදගත් සිද්ධි මොනවාදැයි සිහිපත් කර ගැනීම අප සැමගේ අවබෝධය සඳහා වටනේය.

ගලිගමුවේ ඤාණදීප හිමිට මඩ ව්‍යපාරය ගෙනියන කාන්තාවට මෙතරම් මුදල් ලැබෙන්නේ කෙසේදැයි සොයන්න.

අයතා වත්කම් විමර්ශන ඒකකයට පැමිණිල්ලක්
බුද්ධ ශාසනය විනාශ කිරීමට කටයුතු කරණ NGO නඩයක් පසුපස දැයි සැකයක්


ගලිගමුවේ ගලිගමුවේ ඤාණදීප ණනායක ස්වාමීන්වහන්සේට එරෙහිව යම් කාන්තාවක් විසින් චෝදනා නගන වීඩියෝ කිහිපයක් පසුගියදා සමාජ මාධ්‍යවලට එක් කර තිබුනා.

ළූණු මැනිල්ල අවුලක
සතොස සභාපති ඉල්ලා අස්වෙයි.


ලංකා සතොස ආයතනයේ සභාපතිවරයා ඉල්ලා ඇති බවට ජාතික පාරිභෝගික පෙරමුණ සඳහන් කරයි.

එහි නායක අසේල සම්පත් මහතා සඳහන් කරන්නේ සතොස ආයතන විසින් ලොකු ළුනු මිලදීගන්නා ක්‍රමවේදය සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්ත්වයන් මත ඔහු මෙම පියවර ගෙන ඇති බවයි.

“බාල තුප්පහි වැඩ නවත්වන්න!” 
ගලිගමුවේ ඥානදීප හිමියන්ට මඩ ගහන
උපාසක අම්මා ඇතුලු ඔක්කොටම අසේල සම්පත් නෙළයි!
සාසනයට කරන සේවය ගැනත් කියා දෙයි

ගලිගමුවේ ඥානදීප හිමියන් සම්බන්ධයෙන් මේ වනවිට සිවිල් සංවිධාන ගණනාවක් විසින් එල්ල කරමින් තිබෙන දැඩි විරෝධය සහ උන්වහන්සේගේ ධර්ම දේශනා මාධ්‍ය නාලිකාවලින් ඉවත් කරන ලෙස කරන ඉල්ලීම් ප්‍රසිද්ධ සමාජ ක්‍රියාකාරිකයෙකු වන අසේල සම්පත් විසින් දැඩි ලෙස හෙළා දකිමින් සිටී. එම ක්‍රියාකාරිකයා චෝදනා කරන්නේ මෙම ක්‍රියාවන් “බෞද්ධාගමට අපහාස වන ආකාරයේ බාල තුප්පහි වැඩ” බවයි.

වහාම විමර්ශන අවසන් කරන්න!
සැකකරුවන් ඉන්නවා නම් අධිකරණයට ඉදිරිපත් කරන්න! 
රනිල්ගේ නඩුව ජනවාරි 28ට කල් තබමින් මහේස්ත්‍රාත්වරයා රහස්ට පොලීසියට නියෝග කරයි!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ විමර්ශනය කඩිනමින් අවසන් කර ඊට සම්බන්ධ සැකකරුවන් සිටි නම් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර මහතා අද (29) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements